වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 02කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2437 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 39 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 17,16000.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 450000/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 965000/- ක්ද,  ව්‍යවසායක පුහුණු සඳහා රු. 350000/- කද මුදලක් වෙන් කර ඇත.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි  ප්‍රතිලාභී පවුල් 05ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම රථ 03ක් ලබා දීමට නියමිතය. බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ  මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.

මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා  කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 39ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.

එමෙන්ම  සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් දතුණු පළාත් කුඩා ව්‍යාපාර ඒකකය සහ වෘත්තීය පුහුණුආයතනය එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

News & Events

08
ජන2026
2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ඇරඹීම ,...

19
සැප්2025
ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

සාහිත්‍ය මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද  ප්‍රාදේශීය...

Scroll To Top