අපගේ දැක්ම

යහපත් දිවිපෙවෙතකට හිමිකම් කියන ජනතාවක් බිහි කිරීම තුළින් විශිෂ්ඨත්වය කරා

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගීත්වය, කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධනයක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.

හැඳින්වීම
දකුණු සිරිලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ඔකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිස්ත්‍රික්කයේ වයඹ දෙසට වන්නට පිහිටා ඇත.  මෙම කොට්ඨාශය සම්පූර්ණයෙන්ම මුහුදු තීරයෙන් වෙන් වී පවතී.  වර්ග කිලෝමීටර් 38169 ක භූමි ප්‍රමාණයකින් සමන්විත ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 27 කින් සමන්විත වේ.

අවම වැසිපල සහිත මෙම කොට්ඨාශය වියලි කලාපීය දේශගුණික ලක්ෂණ දක්නට ඇතත් තෙත් කලාපයක් වූ මාතර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති බැවින් තෙත් කලාපයට ආවේනික වූ තුරුලතාවන්ගෙන්ද යුක්තය.  මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂතම කාරනයක් වන්නේ දිවයිනේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන් නොව ආසන්න නගරයට කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාන ගත කර තිබීමය.

ඓතිහාසිකව සනාථ වන කරුණු වලින් මෙන්ම සංස්කෘතික වටිනාකමින් යුත් සංචාරක ආකර්ශනය දිනාගත් පූජනීය ස්ථාන ගණනාවකින් සමන්විත මෙම කොට්ඨාශය දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සිතියමෙන් මැකී යා නොදී ඕකෙවෙල මන්සන්දිය කුඩා නගරයක් ලෙස වැඩිදියුනු කිරීමෙන් දකුණු පලාතේ ආශ්චර්ය බවට මෙම කොට්ඨාශය පත් කිරීමට හැකි බවට සාධක මංසලකුණු කොට්ඨාශය පිළිබද අධ්‍යයනය කළහොත් මනාව පැහැදිලි වේ.

1987 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
විමල් රුබසිංහ මහතා(උප දිසාපති) 1987.04.25 1990.12.31
පී.එ්.මුතුකුමාරණ මහතා(ස.ප්‍රා.ලේ.) 1991.01.01 1992.06.30
සරත් සිල්වා මහතා(ස.ප්‍රා.ලේ.) 1992.07.01 1994.12.31
එ්.පී.ඩයනීසියස් මහතා(ස.ප්‍රා.ලේ.) 1995.01.01 1995.12.31
එච්.ඩී.පියසිරි මහතා 1996.01.01 2002.08.20
මාග්‍රට් පි.කුඹුරෙග් මහතා 2002.08.21 2010.05.18
ඊ.කේ.එ්.සුනීතා මිය 2010.05.19 2012.07.18
කේ.කේ.තල්පාවිල මිය 2012.07.19 2017.04.24
ජේ.එච්.එස්.පී.ජයමහ මහතා 2017.04.25  2021.09.28
එරංගා මහානාම මිය 2021.10.11  

News & Events

08
ජන2026
2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ආරම්භ කිරිම

2026 නව වසර සදහා රාජකාරි ඇරඹීම ,...

19
සැප්2025
ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

ප්‍රාදේශීය සාහිත්‍ය කළා උළෙල 2025

සාහිත්‍ය මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද  ප්‍රාදේශීය...

Scroll To Top