ආයතන අංශය
ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම
මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 27 සඳහා අංක පහත පරිදි වේ.
- 466 - බ/කණුමුල්දෙනිය
- 467 - ඕලුආර
- 468 - සුමිහිරිගම
- 469 - උ/කණුමුල්දෙනිය
- 470 - විජේසිරිපුර
- 471 - නැ/කණුමුල්දෙනිය
- 472 - කුරුඳුවත්ත
- 473 - රාජපුරගොඩ
- 474 - උඩදෙනිය
- 475 - ද/කණුමුල්දෙනිය
- 476 - නතුවල
- 477 - කහටැල්ල
- 478 - කන්දෙබැද්ද
- 479 - ගොඩවැන්න
- 480 - මොරකන්දෙගොඩ
- 481 - තළහගම්වාඩුව ඉහළ
- 482 - තළහගම්වාඩුව පහළ
- 483 - කඩිගමුව නැගෙනහිර
- 484 - කඩිගමුව බටහිර
- 485 - මොදරවාන උතුර
- 486 - මොදරවාන දකුණ
- 487 - ඕකෙවෙල
- 488 - යටිගල ඉහළ
- 489 - යටිගල පහළ
- 490 - පල්ලෙවාව්ව
- 491 - වාව්ව
- 492- හීනටිහතමුණ
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වේ.
මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන සති 12 සම්පූර්න වූ පසු ඔබ සහභාගී වන මාතෘ සායනයේ පවුල් සෞඛ්‍ය නිලධාරී වෙතින් ලබා ගන්නා අයමුම්පත සම්පූර්ණ කර මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුළ් ළමාවිය සංවර්ධන නිලදාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියාගෙන් ලබා ගත හැකිය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
- තනි මාපිය පවුල් වල හෝ දෙමාපියන් දෙදෙනාම අහිමි පවුල් වල දරුවන් සහ දෙමාපියන් දෙදෙනාම සිටියද දැඩි ආර්තික ගැටළු සහිත පවුල් වල අධ්‍යාපනයට දක්ෂතාවයක් ඇති දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය
- පාසල් යන වයසේ පාසල් නොයන ළමුන් නැවත පාසල් ගත කිරීම සඳහා අවශ්‍යතාවය අනුවද මෙය ලබා දේ.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර මාස හය ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
ගිණුම් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.














